අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට සමගාමීව ඉදිරියේදී විෂයන් ගැසට් කිරීමත් විද්‍යාත්මක පදනමකින් සිදුකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
අද (01දා) සිදුකෙරුණු කැබිනට් සංශෝධනයෙන් අනතුරුව ජනපති ලේකම් කාර්යාලය ඉදිපිටදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“අමාත්‍ය මණ්ඩලය පත්කිරීම පමණක් නොවේ විෂයන් ගැසට් කිරීමත් විද්‍යාත්මක පදනමක් මත සිදුවෙයි. එතකොට අපට තවදුරටත් පෙනී යයි මොනතරම් ගැළපීමක් ඇතිවද මේ කටයුත්ත සිදුකළේ කියන එක පිළිබඳව.” යැයි පැවසීය.