බේරුවල පොලීසිය අසළ තිබී ඊයේ (6දා) අලුයම යුද හමුදා විශේෂ බළකා සෙබලෙකු මියගොස් සිටි බව බේරුවල පොලිසිය පැවසීය .
බද්දේගම ප්රදේශයේ පදිංචිකරුවෙකු වූ ළහිරු සම්පත් සංජීව (22) නමැති සෙබළා ඊයේ අලුයම 5 ට පමණ හිසේ ලේ ගලන තුවාල සහිතව පාර අයිනේ වැටී සිටියදී ත්රිරෝද රථ රියදුරෙකු විසින් ඔහුගේ සිරුර බේරුවල රෝහලට රැගෙන ගොස් ඇත. ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලීසිය කියයි.
මියගොස් සිටි සෙබලා මුලතිව් යුද හමුදා විශේෂ බළකා කඳවුරේ සේවය කරන අතර ඔහු ඊයේ නිවාඩු ලබා මුලතිව් සිට තංගල්ල බලා ගමන් ගන්නා පුද්ගලික බස් රියකින් පිටකොටුවට ප්රවේශ පත්රයක් රැගෙන ගමන් කර තිබේ. මරණයට හේතුව තමවමත් තහවුරු වී නැත. මළ සිරුර කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණය අද (7දා) රෝහලේදී පැවැත්වීමට නියමිතය.
චතුරිකා ජයරත්න