ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සාමාජිකයන් ලෙස පත් කරන සාමාජිකයන් තිදෙනා අනුමත කරගැනීමට හදිසි පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවීමට තීරණය කර තිබේ. ඒ අනුව ජුනි මස 03 දා එම විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීමට කථානායකවරයා තීරණය කරනු ඇතැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසීය. කෙසේ වෙතත් මේ වනතුරු එයට අදාළ නිල නිවේදනය ලැබී නොමැති බවත් නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.