අති නවීන තාක්ෂණය සහිතව, මොණරාගල බුත්තල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කාර්මික ජනපදයේ ඉදිකළ ශ්‍රී ලංකාවේ විශාලතම ධාන්‍ය ගබඩා සංකීර්ණය අද (31දා) ජනතා අයිතියට පත් කෙරිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මඟපෙන්වීම මත මෙරට ගොවි ජනතාවගේ ආර්ථික සුක්ෂිතතාව ශක්තිමත් කිරීම උදෙසා රු.මිලියන 260ක වියදමෙන් ගබඩා සංකීර්ණය ඉදිකෙරෙයි.
ගොවි අස්වනු කිසිදු හානියකින් තොරව ගබඩා කර තැබීම සඳහා සියලු තාක්ෂණික පහසුකම්වලින් මෙම ගබඩා සංකීර්ණය සමන්විතය.
ගුදම් කුවිතාන්සි මූල්‍යකරණ ව්‍යාපෘතිය යටතේ ඉදි වූ මෙම ගබඩා සංකීර්ණයේ සුවිශේෂීත්වය වන්නේ එක් වරකට ධාන්‍ය මෙට්‍රික් ටොන් 20,000ක් සම්මත ක්‍රමවේදය තුළ ගබඩා කිරීමට ඇති හැකියාවයි.
එසේම විවිධ ධාන්‍ය වර්ගවල අනන්‍යතාව ආරක්ෂා වන පරිදි ඒවා ගබඩා කිරීමට පහසුකම් සලසා ඇත.