විශ්රාමිකයන්ට අග්රහාර රක්ෂණයේ ප්රතිලාභ ලබාදීම සඳහා රජය චක්රලේඛයක් නිකුත් කර ඇතැයි ජාතික වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
රාජ්ය සේවය තුළදී අග්රහාර රක්ෂණ ක්රමය හිමිව තිබුණද විශ්රාම ගිය පසු එහි ප්රතිලාභ අහිමි වී ගිය බවත්, මේ නිසා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සමග දෙසැම්බර් 15 වැනිදා මේ පිළිබඳ සාකච්ඡාවක් සිදුකළ බවත් එම පෙරමුණේ කැඳවුම්කරු සමන් රත්නප්රිය මහතා සඳහන් කළේය.
ඉන්පසුව අවස්ථා ගණනාවකදී සාකච්ඡා පැවැත්වූ අතර, මේ අනුව සියලුම විශ්රාමිකයන්ට අග්රහාර රක්ෂණයේ ප්රතිලාභ ලබාදීමට මේ වනවිට චක්රලේඛයක් (12/2005(VI)) නිකුත් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව රාජ්ය සේවකයන්ට වැඩි ප්රතිලාභ ප්රමාණයක් ලබාදීම සඳහා රුපියල් 200 සහ 600 වාරික හඳුන්වා දී තිබෙන බවත්, ඊට සාපේක්ෂව ප්රතිලාභ ප්රමාණයද ඉහළ දමා තිබෙන බවත් රත්නප්රිය මහතා සඳහන් කළේය.
මෙම වරප්රසාදයට අමතරව මෙතෙක් ආයුර්වේද රෝහල්වලින් ප්රතිකාර ලබාගැනීම වෙනුවෙන් රක්ෂණ මුදල් ලබානොදීමේ ක්රමවේදය ඉවතලා ආයුර්වේද රෝහල්වල ප්රතිකාර ලබාගැනීම වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීමට නව චක්රලේඛය මගින් අනුව තීරණය කර තිබෙන බවද හෙතම පවසා සිටියේය.