ආණ්ඩුවේ කැබිනට් ඇමැතිකම් දරන්නේ නම් ආණ්ඩුවට විරුද්ධ වීමට නොහැකි බවත්, අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයේදී ඡන්දය පාවිච්චි කළ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍යය ධුරයන්ගේ තව දුරටත් රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍යය,සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මහනුවර පුරපති ලෙස යළිත් පත් වූ කේසර සේනානායක මහතා එම ධූරයේ වැඩභාර ගැනීම අද (09දා) සිදු කෙරුණු අතර, එම අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
විශ්වාස භංගයට පක්ෂය ඡන්දය දුන් ඇමැතිවරුන් දැන් කළ යුත්තේ වැදගත් ලෙස ඇමැති ධුරවලින් ඉවත් වීම බවත්, පාර්ලිමේන්තුවේ මහත්මා දේශපාලනය එය බවත් හෙතෙම පැවසීය.
තරුණයන්ට පක්ෂය තුළ වැඩ කරන්නට අවශ්‍යය පසුබිම ලබාදෙමින් මෙම මස අවසන් වීමට පෙර එජාප ප්රතිසංවිධාන කටයුතු අවසන් කරන බවත්, රටට දැනෙන වෙනසක් කිරීමට මේ වන විට සැලසුම් කර තිබෙන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.