හොඳම ක්‍රියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමයි
විශ්වාසභංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළද, පරාජය වුවද ආර්. සම්බන්ධන් මහතාගේ විපක්ෂ නායක ධුරය අභියෝගයට ලක්වීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවධානයට ලක්ව තිබේ.
ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානය ඡන්දය ලබාදී එය ජයග්‍රහණය කළහොත් ආණ්ඩු පෙරළියක් සිදුවන බැවින් එවිට විපක්ෂ නායක ධුරය සම්බන්ධන් මහතාගෙන් ගිලිහී යනු ඇත.
එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානය ඡන්ද ලබාදුන්නහොත් එවිටද විපක්ෂනායක ධුරය අභියෝගයට ලක්කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
විපක්ෂයේ සිටින ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබාදීම හේතුකොටගෙන තවදුරටත් විපක්ෂයේ සිටීම සදාචාරාත්මක නොවන බව දක්වමින් මෙලෙස විපක්ෂනායක ධුරය අභියෝගයට ලක්කිරීමට ඒකාබද්ධ විපක්ෂය මේවනවිටත් සාකච්ඡා පවත්වා ඇත.
මේ හේතුවෙන් විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව ජයග්‍රහණය කළද, පරාජය කළද විපක්ෂනායක ධුරයෙහි වෙනසක් බලාපොරොත්තු විය හැක.
ඒ අනුව ආර්. සම්බන්ධන් මහතාගේ විපක්ෂ නායක ධුරය අභියෝගයට ලක්ව ඇතිබව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරද සාකච්ඡා වෙමින් පවතී. මෙහිදී යෝජානා වී ඇති ප්‍රධාන කාරණය වන්නේ තම පක්ෂයේ ස්වාධීනත්වය පෙන්වමින් විශ්වාස භංගයට පක්ෂව හෝ විපක්ෂව ඡන්ද පාවිච්චි නොකර සිටීම වඩාත් යෝග්‍ය කාර්යය වනු ඇති බවයි.