අගමැතිවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවට භාර දී තිබෙන විශ්වාසභංග යෝජනාවට සහය පළකරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඒකාබද්ධ විපක්ෂයට දැනුම්දී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (29දා) පැවසීය.
පුංචි බොරැල්ල වජිරාශ්රමයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළකළේය.
බැඳුම්කර වංචාවට විරුද්ධ පුද්ගලයන් අතරින් විශ්වාභංග යෝජනාවට මුලින්ම අත්සන් කළ යුතුව තිබුණේ නිමල් සිරිපාල ද සිල්වා,මහින්ද අමරවීර, තිලංග සුමතිපාල යන මහත්වරුන් බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
වැදගත් ආර්ථික තීරණ කිහිපයක් ගැනීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය ප්‍රසංශා කරන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් වුවද දැනට මතුව තිබෙන ආර්ථික ප්‍රශ්නවලින් ගැලවිය නොහැකි අතර, ජොකියා මාරු කිරීමේ තීරණයෙන් ඉවත්ව අශ්වයා මාරු කිරීමේ තීරණයකට පැමිණිය යුතු බවත් හෙතෙම එහිදී පැවසුවේය.