අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ලෝක වනාන්තර දිනය නිමිත්තෙන් මට්ටක්කුලිය කාක දූපතේ පැවැති වන වගා වැඩ සටහනකට ඊයේ (21දා) සහභාගි වෙමිනි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් රටට හා ජනතාවට හිතකර තින්දුවක් ගනු ඇති බවට විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.