විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය නවතා දැමීමට අදාළව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර ඇතිකරගත් ගිවිසුම් අමාත්‍යාංශය විසින් වසර එකහමාරක කාලය තුළදී අවස්ථා ගණනාවකදී කඩකර තිබෙන බවත්, අප්‍රේල් 10 වැනිදාට පෙර මේ සඳහා විසදුමක් නොලැබුණහොත් තාවකාලිකව නවතා දැමූ වෘත්තීය ක්‍රියාමාර්ගය යළි ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අනතුරු අඟවයි.
ආචාර්යවරු හා උසස් අධ්‍යාපන ඇමැතිවරයා අතර ඇතිකරගත් එකඟතාවයට අනුව, විශ්වවිද්‍යාල වලට ස්ථාපිතව කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම හා විශ්වවිද්‍යාල තුළ යම් වෙනසක් සිදුවනවා නම් ඒ පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කිරීම හා විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ වැටුප් ගැටලු විසඳීමට කමිටුවක් පත්කිරීම, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයකට අනුව අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කිරීම ඇතුළුව කරුණු 12ක් මෙම ගිවිසුමට අයත් බවද එම සංගමයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා සඳහන් කළේය.
මෙලෙස ඇතිකර ගත් කරුණු 12ම මේ වනවිට උල්ලංඝනය කර තිබෙන බවත්, මේ නිසා වහාම ගිවිසුම්ගත තීරණ අනුව කටයුතු කරන ලෙසට උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටි බවද ඔහු පවසා සිටියේය.