විශ්වවිද්‍යාල වෙනුවෙන් නේවාසිකාගාර හැටක් ඉදිකිරීමේ රජයේ වැඩසටහන යටතේ ඉදිකළ ප්‍රථම අදියරේ නේවාසිකාගාර 30 නොබෝ දිනකින් විවෘත කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ එහි දෙවැනි අදියරේ පළමු නේවාසිකාගාර සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවය එළුවිල් හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේදී අද (12 දා) පැවති අවස්ථාවේදීය.
එහිදී ශිෂ්‍ය නේවාසිකාගාර තුනකට, ආචාර්ය මණ්ඩල නේවාසිකාගාර සංකීර්ණයකට සහ ඉංජිනේරු පීඨය සඳහා රසායනාගාරයක් ඉදිකිරීමට මුල්ගල තැබීම ද සිදුවිය.