විශ්වවිද්‍යාල සිසුවෙකු ලෙස වෙස්ගෙන විශ්වවිද්‍යාල සිසු නේවාසිකාගාරවලට ඇතුළු වී සිසුන්ගේ දේපොළ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සොරකම් කළ ශිෂ්‍ය හැඳුනුම්පතක් හා විශ්වවිද්‍යාල සිසුන්ගේ ටී-ෂර්ට් එකක් භාවිත කරමින් ශ්‍රී ජයවර්ධනපුර‚ කැලණිය‚ පේරාදෙණිය‚ මොරටුව‚ කොළඹ හා රුහුණ යන විශ්වවිද්‍යාල සිසු නේවාසිකාගාරවලට ඇතුළු වී සිසුන්ගේ ලැප්ටොප් ඇතුළු දේපොළ සොරකම් කර ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සොරකම් කරන ලද ලැප්ටොප් පරිගණක 37ක් සොයාගත් බව පොලීසිය පැවසීය.
සැකකරු අද (24දා) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.