විශ්වවිද්‍යාල ශිෂ්‍ය මර්දනය දිගින් දිගටම සිදුකිරීමට එරෙහිවත්, ආචාර්යවරුන්ට ලබාදෙන පර්යේෂණ දීමනාව කොන්දේසි විරහිතව ලබාදෙන ලෙස සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රට තුළ ස්ථාපිත නොකරන ලෙස ඉල්ලා රජයට බලකරමින් අද (03දා) දිනය තුළ සංකේත වැඩ වර්ජනයක් සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.
සංකේත වැඩ වර්ජනයට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතු සිදුකරන ආචාර්යවරුන් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත්, අනෙකුත් විශ්වවිද්‍යාල ඉදිරිපිටදී එම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් විරෝධතා ව්‍යාපාර පවත්වන බවත් එම සංගමයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා සඳහන් කළේය.
සංකේත වැඩ වර්ජනය පැවැත්වෙන අද (03දා) දිනය තුළ විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතු සහ පරිපාලන කටයුතු සිදු නොකරන බවත්, අද දිනයේදී පැවැත්වෙන සංකේත වැඩ වර්ජනයට අනුව අදාළ ගැටලුවලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසා සිටියේය.