මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ තොරතුරු ඇතුළත් ප්‍රවේශ අත්පොත අද නිකුත් කිරීමට නියමිතය.
ඉතා සරල ආකාරයෙන් මෙවර ප්‍රවේශ අත් පොත සකසා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද ද සිල්වා මහතා සඳහන් කළේය.
විශ්වවිද්‍යාල 15 ක් සහ උසස් අධ්‍යාපන ආයතන 18 ක් සඳහා මේ වසරේ බඳවා ගන්නා සිසුන් සංක්‍යාව 27250 කි.
එය පසුගිය වසරට සාපෙක්ෂව 10 %ක වැඩිවීමකි.
මෙවර online ක්‍රමයට හා ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පත් යොමු කළ හැකි බවත් online ක්‍රමයට ලියාපදිංචි වීම සඳහා නැණසල හා විවෘත විශ්වවිද්‍යාලය යටතේ පවතින පරිගණක මධ්‍යස්ථාන වලින් පහසුකම් ලබා ගත හැකි බවත් මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.