කැලණිය, සෞන්දර්ය කලා, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර, රජරට හා කොළඹ යන විශ්වවිද්‍යාලයන්හි සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනයෙහි යෝජිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති 09 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේසඳහා රුපියල් මිලියන 1706.9ක ආයෝජනයකින් 2016 – 2019 කාලපරිච්ජේදය තුළ ක්‍රියාත්මක කිරීම උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර ඇති අතර රටේ ආර්ථිකය තුළ පවතින සංවර්ධන අවශ්‍යතාවන්ට සහ ජාත්‍යන්තර රැකියා වෙළඳපොළට උචිත වෘත්තීයමය හා දක්ෂ උපාධිධාරීන් පිරිසක් බිහි කිරීමේ අරමුණින් විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට නියමිතය.