විශ්වවිද්‍යාල පද්ධතියේ අනධ්‍යන සේවකයන් හට මතුව තිබෙන ගැටලු ගණනාවක් විසදා දෙන ලෙස දීර්ඝකාලයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡාකොට විසඳුමක් නොලැබීම හේතුවෙන් ලබන 31 දා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පැවසීය.
තම කමිටුවේ ඉල්ලීම් සාධාරණ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයද පිළිගෙන තිබියදීත් මෙතෙක් කිසිම විසඳුමක් නොලැබුණු බැවින් ප්‍රශ්න විසදනතුරු වැඩවර්ජනය කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටු සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා %අද^ ට පැවසීය.
සාච්ඡාවෙන් ප්‍රශ්න විසදාගැනීමට තම සංගමය නිරන්තරයෙන් කැමත්තක් දැක්වුවද ඒ වෙනුවෙන් පරිපාලනය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන හෙයින් අකමැත්තෙන් හෝ මෙම තීරණය ගන්නා බවද හෙතෙම පැවසීය.
විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක මණ්ඩලයේ වැටුප් විෂමතාමෙයට මූලික හේතුව වී ඇති බවත්, මේවනවිට ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලයන්හි සියලුම අනධ්‍යයන සේවකයන් මෙම වැඩවර්ජනයට එක්වන බවත් මල්වත්තගේ මහතා වැඩිදුරටත් පැවසීය.