ලබන 06 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු බැඳුම්කර විවාදයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යයෙන් සහභාගිවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (01දා) ප්‍රකාශ කළේය.
එබැවින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන් එම විවාදයට සහභාගි විය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ පැවසීමට ඒකාබද්ධ විපක්ෂයට බොහෝ කරුණු තිබෙන බවයි.