විසර්ජන පනත් කෙටුම්පත 2016 ට අදාළ අද(08) දිනයේ කාරක සභා අවස්ථාවේ විවාදයට ගත් වැය ශීර්ෂ සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය. අයවැය තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ පස්වැනි දිනය වන අද දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, සමජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැණිනි.
2016 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය (03)දින ආරම්භ වූ අතර විවාදය දින 15ක් පුරා පැවැත්වෙයි.