පවතින නියං තත්ත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ ඉදිකර ඇති ජල පොකුණු වෙත බවුසර් මගින් ජලය දැමීමට විල්පත්තුව වන ජීවි නිලධාරීන් කටයුතු කර තිබේ.
නියං තත්ත්වය නිසා විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ තණ බිම් සියල්ලම වියළී තිබේ. ඒ නිසා අලි ඇතුන් හා අනෙකුත් තෘණ ආහාරයට ගන්නා වන සතුන් දැඩි පීඩාවට පත්ව ඇති බව වන ජීවි නිලධාරිහු පවසති.
කෙසේ නමුත් වන සතුන් වෙනුවෙන් උද්‍යානය ඇතුළත ඉදිකර ඇති ජල පොකුණු වෙත බවුසර් මගින් ජලය රැගෙන ගොස් දැමීමට වන ජීවි නිලධාරීන් කටයුතු කරමින් තිබේ.
අඛණ්ඩව නියං තත්ත්වය පැවතුණහොත් වන සතුන් දරුණු අවදානමකට මුහුණදීමට සිදුවනු ඇතැයි වන ජීවි නිලධාරිහු අනතුරු අඟවති.