විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දැඩි තර්ජනයක් එල්ල කරමින් සිලාවතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරිච්චිකට්ටි,කරඩිකුලම හා මහවිල්ලු වන රක්ෂිතවලඉඩම් එළිකරමින් අවතැන් වූ පිරිසකටනිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම හේතුවෙන් එම ප්‍රදේශ බරපතළ පාරිසරික ගැටලු රැසක් ඇතිවී තිබේ.
මේ වන විට විල්පත්තුව වනෝද්‍යානයට යාබද උතුරු අභය භූමියට නුදුරින් පිහිටි මරිච්චිකට්ටි, කරඩිකුලි හා මාවිල්ලු වන රක්ෂිතවල කැලෑ එළිපෙහෙලි කර නිවාස ඉදිකරමින් පවතින ආකාරය දැකගත හැකිය. මීට වසරකට පමණ පෙර විදේශ ආධාර මත මේ ප්‍රදේශයේ ම ආරම්භ කළ නිවාස තුළමේ වන විට පදිංචිව ඇති පිරිස සීයට දහයකටත් අඩු ප්රමාණයකි.
මෙරට වන රක්ෂිතවලට බලපාන නීතිය අනුව රක්ෂිතයක් නිදහස් කිරීමේදී මෙය රක්ෂිතවලින් බැහැර කර නිදහස් කිරීම කළ හැක්කේ ගැසට් නිවේදනයකින් පමණකි. නමුත් මෙම කිසිදු ගැසට් නිවේදනයක් මේ වන විටත් නිකුත් කිරීම සිදුව නොමැත.
ඒ සමගම මෙම ප්‍රදේශවල කිසිවෙකුත් පදිංචි නොමැති රක්ෂිතයට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි රැහැන් ඇදීම බරපතළ ප්‍රශ්න රැසකට තුඩු දී තිබේ.