විල්පත්තුව ජාතික වන උද්‍යානයට අයත් මෝදගම් ආරු නදිය ආසන්නයේ සිට කිලෝ මිටරයක් දුරින් පිහිටි අක්කර 800 කට ආසන්න විල්පත්තුවේ ප්‍රේරක කළාපය යළිත් මහජන කටයුතු සඳහා යැයි පවසමින් එළිපෙහෙළි කරමින් සිටියි.
මෙම වනසංහාරය නවතා දමන ලෙස මීට ඉහතදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග දුන්නත් එය නොතකා හරිමින් නැවතත් වනය එළිපෙහෙළි කරමින් තිබේ. විල්පත්තුව උතුරු අභය භුමියට ව්යාධිකුලම් වැව පාමුල කැලැවේ අක්කර 4 කට වැඩි ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර තිබේ.