විල්පත්තු වනාන්තරය ආශ්‍රිතව සිදුවෙතැයි සඳහන් වන පදිංචි කිරීම් සහ වන විනාශය පිළිබඳව සොයා බැලීමට පත්කළ පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාගේ වාර්තාව අද (11දා) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදීමට නියමිතය.
නීතිවිරෝධී ආකාරයට විල්පත්තු වනෝද්‍යානය අවට සහ වවුනියාව, මන්නාරම් රක්ෂිත කැලෑ ප්‍ර‘දේශවල කැලෑ කැපීම සහ නිවාස ඉදිකරන්නන්ට හා ඉඩම් පෙන්වීම සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යාංශයට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබේ.
මීට අමතරව සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳව සොයාබලන ලෙසට පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙන අතර, ඒ පිළිබඳව සොයාබැලීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙරේදා සහ ඊයේයන දිනවල එම ප්රදේශවලසංචාරයක නිරත වී තිබේ.
මේ අතර විල්පත්තුවඋතුරු අභය භූමිය තුළ සහ ඊට යාබද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කල්ලාරු වනාන්තරයේ ඉඩම් අක්කර 2000කට අධික ප්‍රමාණයක් හෙළිපෙහෙළි කර නිවාස 1500ක් ඉදිකිරීමේ සිද්ධියට රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා සෘජුවම සම්බන්ධ බවත්, මේ නිසා මෙම දෙදෙනාට එරෙහිව නීති මගින් කටයුතු කරන ලෙස පරිසර සංවිධාන ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.
විල්පත්තු උතුරු අභය භූමිය තුළ සහ ඊට යාබදව පිහිටි කල්ලාරු වනාන්තරයේ ඉඩම් හෙළිපෙහෙළි කර යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචි කරන බව පවසමින් පුත්තලම, කල්පිටිය ප්‍ර‘දේශවල පදිංචිකරුවන් මෙම ස්ථානවල පදිංචි කර තිබෙන බවද පරිසර සංරක්ෂණභාරය සඳහන් කරයි.
ඉඩම් හෙළිපෙහෙළි කිරීමට සහ නිවාස ඉදිකිරීම සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා අවසර ලබාදී තිබෙන නමුත්, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කිසිදු ඉඩමක අයිතිය දිස්ත්‍රික් ලේකම්වරයා සතු නොවන බවද එම සංවිධානයේ අධ්යක්ෂ සජීව චාමිකර මහතා සඳහන් කළේය.
මේ ආකාරයට නීතිවිරෝධී ආකාරයට ලබාදුන් අවසරය මත එම ප්‍ර‘දේශවල ස්ථිර නිවාස 500ක් ඇතුළුව නිවාස 1500කට අධික ප්‍රමාණයක් ඉදිකර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
යුද්ධය නිසා විල්පත්තුව ආශ්‍රිතව අවතැන් වී සිටින්නේ මොල්ලිකුලම පාරම්පරික ධීවර ගම්මානයේ පිරිස් බවත්, මේ නිසා ඔවුන්ට එම ඉඩම් මොල්ලිකුලමෙන් ලබාදී පදිංචි කරවන ලෙසත් අනෙකුත් සියලුම පදිංචිකරුවන් වහාම ඉවත් කරන ලෙසත් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරයි.
එහෙත් මොල්ලිකුලම ගම්මානයේ කිසිදු පුද්ගලයෙකු මෙම ස්ථානවල පදිංචිව නොමැති බවද පරිසර සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.
මේ අතර විල්පත්තුව අභය භූමිය ආසන්නයේ පවතින වනාන්තර ඉඩම්වල නැවත පදිංචි කිරීම පිළිබඳව සහ ශාක විනාශ කර දැමීම පිළිබඳව පුළුල්ව සොයාබලා අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
විල්පත්තු අභය භූමිය ආසන්න ඉඩම්වල වන සංහාර සිදුකර අනවසර පදිංචි කිරීම සිදුකරමින් තිබෙන බවට රට තුළ ගොඩනැගෙමින් තිබෙන කතාබහට අනුව ඒ පිළිබඳව සොයාබැලීමට තමන් පසුගිය 09 වැනිදා විල්පත්තු අභය භූමියය ප්‍ර‘දේශයට ගිය බවද ඔහු පවසා සිටියේය.
යුද්ධය නිසා මීට වසර 24 කට පෙර මෙම ප්‍ර‘දේශය අතහැර පුත්තලම ප්‍ර‘දේශයට ගිය බවත්, මේ නිසා තමන් පැමිණ තිබෙන්නේ තමන්ගේ පාරම්පරික ඉඩම්වලට බවත් එහිදී ජනතාව සඳහන් කළ බව ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
මෙම ප්‍ර‘දේශයේ පදිංචිව සිට පුත්තලම ප්‍ර‘දේශයට ගිය පිරිසට ස්ථිර ඔප්පු තිබෙන බවට දිස්ත්‍රික් ලේකම්වරයා තහවුරු කළ බවත්, මේ නිසා මෙම සිදුවීම් පිළිබඳව අදාළ බලධාරීන් සමග පුළුල් සාකච්ඡාවක් සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.
නැවත පදිංචි කිරීම පිළිබඳව සේම සිදුවී තිබෙන පරිසර විනාශය පිළිබඳවත් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද ලාල් කාන්ත මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
මේ පිළිබඳව %අද^ කළ විමසීමකදී අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු ආමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවසුවේ, විල්පත්තුව අභය භූමිය තුළ හා ඒ අවට රක්ෂිත වනාන්තරවල ජනතාව පදිංචි කිරීමට කටයුතු කර තිබෙන බවට තමාට චෝදනා එල්ල වුවත්, අභය භූමිය තුළ හෝ රක්ෂිත වනාන්තරවල ජනතාව පදිංචි කර නොමැති බවයි.
ජනතාව පදිංචි වී සිටින්නේ ඔවුන්ගේ පාරම්පරික ඉඩම්වල බවත්, ඉඩම්වල පදිංචි පිරිස් යුද්ධය නිසා මීට වසර 25 කට පෙර ප්‍ර‘දේශයෙන් ඉවත්ව ගිය පිරිස් බවත් ඔහු පවසා සිටියේය.
එම පිරිස නැවත පදිංචියට පැමිණි පසු යම් ගැටලුවක් මතු වී තිබෙන බවත්, මේ නිසා ඒ පිළිබඳව සොයාබලා සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.