විදේශයකින් හෝ පිට පළාතකින් මුස්ලිම් ජනයා ගෙන්වා විල්පත්තු අභය භූමියේ පදිංචි කර ඇතැයි ඔප්පු කළහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අද (07දා) ප්‍රකාශ කළේය.
ඒ ආකාරයට මුස්ලිම් ජනයා පදිංචි කරවීම සඳහා මුදල් ලබාදීමක් සිදුකර නැති බවත්, දැනට මුස්ලිම් ජනතාව පදිංචි කර ඇත්තේ ඔවුන්ගේ මුල්ගම්බිම්වල පමණක් බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.