විල්පත්තුව වන උද්‍යානයට යාබද වනාන්තර හතරක් සංරක්ෂිත වනාන්තර ලෙස නම් කිරීමේ ගැසට් පත්‍රය පිළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යන බව පවසමින් ජනපති ජෙෂ්‍ය්ඨ මාධ්‍ය අධ්යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
ගැසට් පත්‍රය මගින් දැනට ජනතාව පදිංචිව සිටින ගම්මාන, ඉඩම්, නිවාස හා මුස්ලිම් පූජනීය ස්ථාන රජයට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමක් සිදුවන වට අතැමැ පිරිස් දේශපාලන හා පෞද්ගලික අරමුණු වෙනුවෙන් අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන බව එම නිවේදනයේ දැක්වෙයි.
රක්ෂිත වනාන්තර සංරක්ෂිත වනාන්තර ලෙස නම් කර ගැසට් කිරීමට පියවර ගෙන ඇත්තේ ජනතාව වෙනුවෙන් මුදාහැර ඇති ඉඩම්වලට යාබදව පිහිටි වනාන්තරවල සහ ජනතාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන් බවත් මාධ්‍ය අධ්යක්ෂවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.