සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධී පාගමනක් අද (08දා) කොළඹ කොටුවට පැමිණ ලිප්ටන් වටරවුම දක්වා ගමන්කිරීම හේතුවෙන් මාර්ග තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය සඳහන් කරයි.
විරෝධතා පා ගමන ගමන්ගන්නා මාර්ග
- කැලණිය විශ්වවිද්‍යාලය අසල සිට බේස්ලයින් පාර ඔස්සේ මාලිගාවත්ත හරහා කොටුව දක්වා
- වත්තල නගරයේ සිට ජපන් මිත්‍රත්ව පාලම‚ ඉඟුරු කඩේ හන්දියෙන් මරදාන දක්වා විත් කැලණි පාගමනට සම්බන්ධවීම
- මොරටුව විශ්වවිද්‍යාලය අසල නුගේගොඩ මාර්ගය ඔස්සේ කොහුවල හරහා හැව්ලොක් හංදිය
- ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ හැව්ලොක් හන්දියේදී මොරටු පාගමන හා සම්බන්ධවී ලිප්ටන් වටරවුම හරහා
මේ හේතුවෙන් ඉහත මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි හෙයින් වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.