අප්‍රේල් 05 වැනි දිනට යෙදී තිබෙන 46 වැනි අප්‍රේල් විරු සැමරුම පක්ෂ දෙකක් ස්ථාන 06කදී පැවැත්වීමට සැලසුම්කර තිබේ. 1971 අරගලයේදී දිවි පිදූවන් සිහිකිරීම සඳහා පැවැත්වෙන අප්‍රේල් විරු සැමරුම ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සැමරීමට සැලසුම් කර ඇත.
මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ සැමරුම මොනරාගල මාතලේ හා ගාල්ල නගරවලදීත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සැමරුම අවිස්සාවේල්ල, කුරුණෑගල, තංගල්ල ප්රදේශවලදීත් පැවැත්වීමට සැලසුම් කර තිබේ.