(UPDATE)මහියිංගනය වියානා ඇළට පෙරළුණ ජීප් රිය පැදවූ මෙන්ම අතුරුදන්ව සිටි උපකාරක පංති ගුරුවරයා අද උදෑසන මහියංගනය පොලීසියට පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. පසුව ඔහු මහියංගනය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 34ක් වූ ප්‍රභාත් විතානගේ නැමැති හිඟුරක්ගො පදිංචි උපකාරක පංති ගුරුවරයා පැදවූ ජීප් රිය 26 දා අලුයම 4.30ට පමණ වියානා ඇළට පෙරළී තිබුණි.
ජීප් රිය ගොඩට ගත්තත් උපකාරක පංති ගුරුවරයා ඇතුරුදන්ව සිටි අතර පසුව පොලීසිය ඔහු සොයා ගැනීමට මෙහෙයුම් ආරම්භ කළේය.