මහියංගනය වියානා ඇළට අද (26දා) අලුයම පෙරළී ඇති ජීප් රථය පදවා ඇති ජීප් රථය පැද වූ පුද්ගලයා සොයා පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා ප්රදේශවාසීන් එක්ව මෙහෙයුමක් දියත් කර තිබේ.
හිඟුරක්ගොඩ ප්රදේශයේ පදිංචි ප්රභාත් විතානගේ (34) නමැති උපකාරක පංති ගුරුවරයෙකු විසින් මෙම රථය පදවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
විවාහකයෙකු වන මොහු අද අලුයම 2.00ට පමණ කතරගම යන බව පවසා නිවසින් පිටත්ව ඇති බවට වැඩිදුරටත් තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය පවසයි.
ආදළ ජීප් රථය පොලීසිය හා ප්රදේශවාසීන්ගේ මැදිහත්වීම මත ගොඩට ගෙන ඇතැත් එය පැද වූ පුද්ගලයා තවමත් සොයාගෙන නොමැත.