යාපනය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා මේ වනවිට පවුල් 80,000කට අයත් දෙලක්ෂ හැත්තෑ පන්දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙම දිස්ත්‍රික්කවලට ඇතිවී තිබෙන අධික වියළි කාලගුණ තත්ත්වය නිසා ළිං සහ කුඩා ජල මූලාශ්‍ර සිඳීයාම හේතුවෙන් ජනතාවට පානීය ජලය සොයාගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ.
මීට අමතරව කුඩා ජල මූලාශ්‍රවලින් තම පානීය ජල අවශ්‍යතා සපුරාගත් වනසතුන් පවා දැඩි පීඩාවට ලක්ව තිබෙන බව වාර්තා වන අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 27,929කට අයත් පුද්ගලයන් 103,668කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් වේ.