වියළි කාලගුණය නිසා දිස්ත්‍රික්ක 21 ක පවුල් 522,874කට අයත් පුද්ගලයන් 1,809,895 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් වැඩිම සංඛ්‍යාව වන පවුල් 78,016කට අයත් පුද්ගලයන් 256,542 ක් පීඩාවට පත්ව සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි වන අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 68,786කට අයත් පුද්ගලයන් 218,016 ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 27,195කට අයත් පුද්ගලයන් 91,522ක්ද පීඩාවට පත්ව සිටිති.
වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය අඛණ්ඩව ලබාදෙන බවද ආපදාකළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මීට අමතරව වියලිළි සහනාධාරය ලබාදීම රුපියල් බිලියන 1.8 ක මුදලක් මේ වනවිට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහැර තිබෙන බවද ඔහු පවසා සිටියේය.