සංවහන වැසි ඇතිවීම යටතේ මේ මස 10 වැනි දින සිට දිවයින පුරා වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනට වසරකට ලැබෙන වර්ෂාපතනයෙන් හතරෙන් එකක් සංවහන වැසි නිසා ලැබෙන බවද එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා සඳහන් කළේය.
පසුගිය දිනවල බලාපොරොත්තු වූ තරම් වැසි නොලැබීම නිසා වියළි කාලගුණ තත්ත්වයත් රට තුළ ඇති වූ බවත්, මේ නිසා වැඩිම බලපෑම එල්ලවී තිබෙන්නේ ජල විදුලිය නිෂ්පාදනයට බවද ඔහු පවසා සිටියේය.