වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත් පුද්ගල ප්‍රමාණය 1,158,988 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (02දා) නිකුත් කළ දෛනික වාර්තාවට අනුව පවුල් 303,031කට අයත් පුද්ගලයන් 1,158,988 ක් පීඩාවට පත්ව තිබෙන බව සඳහන් කර ඇත.
පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 49,171කට අයත් පුද්ගලයෝ 209,045 ක් පීඩාවට පත්ව සිටිති.
මීට අමතරව කළුතර, ත්‍රිකුණාමලය, හම්බන්තොට, මාතර, මොණරාගල, අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, මන්නාරම, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්ක වලට අයත් ජනතාවද පීඩාවට පත්ව සිටී.