වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගල ප්‍රමාණය 899,697ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවට අනුව වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. පවුල් 30,868කට අයත් පුද්ගලයෝ 131,344ක් පීඩාවට පත්ව සිටිති.
මීට අමතරව පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුගඟට මුහුදු ජලය මිශ්‍ර වීම නිසා එම දිස්ත්‍රික්කයේ පවුල් 43,454කට අයත් පුද්ගලයෝ 198,619ක් පීඩාවට පත්ව සිටිති.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28දා) නිකුත් කළ දෛනික වාර්තාවට අනුව දිස්ත්‍රික්ක 16ක පවුල් 228,831කට අයත් පුද්ගලයෝ 899,697ක් පීඩාවට පත්ව සිටිති.