දිස්ත්‍රික්ක 16කට බලපා තිබෙන වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 207,876කට අයත් පුද්ගලයන් 818,935ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම දිස්ත්‍රික්ක 16න් වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ ත්‍රිකුණාමාලය දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 22,778කට අයත් පුද්ගලයෝ 94,033ක් පීඩාවට පත්ව සිටිති.
මෙතෙක් නියං තත්ත්වයක් වාර්තා වී නොමැති මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 1,497කට අයත් පුද්ගලයන් 5,035ක්ද වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.