පවතින වියළි කාලගුණ තත්ත්වය මේ මස 15 වැනිදා දක්වා පැවැත්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊසාන දිග මෝසමේ අවසාන කාලයට පැමිණ තිබීම නිසා දිවයින පුරා වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙන බවත්, එහෙත් මේ මස 15 වැනිදා සිට අන්තර් මෝසම් කාලය ආරම්භ වන බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
අන්තර් මෝසම් කාලය ආරම්භයත් සමග සවස් කාලයේදී වැසි ඇතිවන බවද පවසා සිටියේය.
පවතින වියළි කාලගුණ තත්ත්වය මත ඊයේ (06දා) රත්නපුර දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ක් (360C) ලෙස සහ ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල සෙල්සියස් අංශක 32 ක් සහ අනුරාධපුර, කොළඹ දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ක් සහ මඩකලපුව, මන්නාරම දිස්ත්‍රික්කවල සෙල්සියස් අංශයක 32 ක් වශයෙන් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 ක් වශයෙන් වාර්තාවූ බව කාලගුණ විද්‍යාඥ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.