පවතින වියළි කාලගුණ තත්ත්වය මේ මස 15 වැනි දින දක්වා පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊසාන දින මෝසමේ අවසාන කාලය ගෙවමින් පවතින බවත්, ඉන් පසුව අන්තර් මෝසම් කාලය ආරම්භ වීමත් සමග සවස් කාලයේදී වැසි ඇති වන බවත් එම දෙපාර්තමේන්තුවේ කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින වියළි කාලගුණ තත්ත්වය මත මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 කුත්, අවමය සෙල්සියස් අංශක 24 ක් ලෙසත් වාර්තා වන බවත් කාලගුණ විද්‍යාඥ දෙපාර්තමේන්තුව නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් වේ.
මීට අමතරව මඩකලපුව, කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර, ත්‍රිකුණාමලය, මන්නාරම යන දිස්ත්‍රික්කවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 ඉක්මවා තිබෙන අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 ක් සහ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 ක් ලෙසත් එම දෛනික වාර්තාවේ සඳහන් කර තිබේ.