වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහයෝගීතාව ඇමෙරිකානු ඩොලර් බිලියනක් දක්වා වර්ධනය කර ගැනීමට දෙරටේ අවධානය යෙමුව තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වියට්නාම සංචාරයට සමාගාමීව වියට්නාම අගමැති ගුයෙන් ෂුඑන් ෆු මහතා හා පැවැති සාකච්ඡාවලදී මේ පිළිබඳව අවධානය යොමුකර තිබේ.
ඒ අනුව ඛනිජ තෙල් හා ගෑස්, යටිතල පහසුකම්, තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය, රෙදිපිළි සහ ඇඟළුම්, කෘෂි හා ධීවර නිෂ්පාදන සැකසුම සහ බෙදා හැරීම, පුනර්ජනනීය බල ශක්ති, ගුවන් සේවා, අධ්‍යාපන, සංචාරක ආදී ක්ෂේත්රයන් තුළ දෙරට අතර පවතින සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහිදී අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකාවට ථෙරවාද බුදු දහම ලැබුණේ වියට්නාමයෙන් බවත් වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතාව ශ්‍රී ලංකාවේ හිටපු රජවරයෙකු වූ පැරකුම්භා රජ දවස දක්වා අතීතයකට දිව යන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවැසීය.