හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ හා අභාවප්‍රාප්ත සුපිරි සිනමා නළු විජය කුමාරතුංගගේ පුතු වන විමුක්ති කුමාරතුංග පිළිබඳව පසුගිය කාලසීමාවේදී විවිධ කතා පැතුරුණා. ඒ දේශපාලනය හා සම්බන්ධ වෙමින්.
කෙසේ වෙතත් එංගලන්තයෙන් වර්තා වන මේ කතාව විමුක්ති කුමාරතුංග පිළිබඳව වෙනස් කතාවක් කියැවෙනවා.
පසුගිය මාර්තු මස 13 දා www.standard.co.uk වෙබ් අඩවිය විසින් වාර්තා වූ මේ කතාවෙන් කියැවුණේ වාහනයක සිරවී සිටි පිඹුරෙක් බේරා ගැනිම සඳහා විමුක්ති කුමාරතුංග ඉදිරිපත්වීමක් පිළිබඳවයි.
අඩි පහක් පමණ මෙම පිඹුරා මිචෙල් රෙයිඩ් කාරයේ ඩෑෂ් බෝඩයේ අස්සට වී සිරව තිබේ. මේ පිළිබඳව රෙයිඩ් පශු වෛද්‍යවරයෙකු වන විමුක්ති කුමාරතුංග දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් විමුක්ති එම කතාව පළමුව විහිළුවක් ලෙස බාරගෙන තිබෙනවා.
නමුත් පසුව ඔහු එය විශ්වාස කර සහායකයින් පිරිසක් හා අදාළ ස්ථානයට ගොස් තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වී තිබෙන්නේ බ්‍රිස්ටල් හිදීයි.
දේශීය කාර්මිකයෙකුගේ සහාය ඇතිව මෝටර් රථයේ ඩෑෂ් බෝඩය ඉවතට ගෙන පිඹුරා බේරා ගැනීමට විමුක්ති ප්රමුඛ කණ්ඩායම සමත්ව තිබෙනවා.
පැය තුනක පමණ කාලයක් මෙම මෙහෙයුම සඳහා ගතව තිබෙන අතර පිඹුරාට පසුව සත්ව රෝහලකදී ප්‍රතිකාර කර තිබෙනවා.
"පැය තුකට පසුව සර්පයා කිසිඳු උපද්‍රවයකින් තොරව නිදහස් කර ගැනීමට කටයුතු කළා. හොඳ වෙලාවට අපි කතාකරපු කාර්මිකයා සර්පයින්ට බය වුණේ නෑ. කොහොම වුණත් මෙවැනි අත්දැකීමකට මම කලින් මුහුණදීලා නෑ." යැයි විමුක්ති කුමාරතුංග පවසනවා.