ප්රභාකරන් රට බෙදීමට කටයුතු කළේ අවි බලෙන් බවත් වර්තමානයේදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස බොරුවෙන් රට බෙදීමට කටයුතු කරන බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුරයේදී අද (21දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
"විමලෙලා දිනේෂ්ලා මම දැක්කා පහුගිය දවසක කොළඹ විහාරමහා දේවියට එකතු වෙලා පාළු ගෙවල් වල වලං බිදිනවා.කොහෙද යන දෙමුහුං කෑල්ලක් අල්ලගෙන බෙරිහන් දෙනවා.
අර මහින්ද මහත්තයා තාම සර්පයා දැකලා නෑ.අපි අහනවා මහින්ද මහත්තයාගෙන් මහින්ද සර්පයා දුටුවද කියල විමලේ සර්පයා මහින්ද මහත්තයා වෙලා ගෙන ඉන්නේ.පරිවාර ගැරඩි රැලක් එක්ක.මහින්ද මහත්තයට මැදමුලනට වෙලා ඉන්න නොදි ආයේ දේශපාලනයට ඇදගෙන ආවා.හැබැයි මහින්ද මහත්තයටත් ලැජ්ජ නෑ.
රටේ ජනතාව තාමත් බලන් ඉන්නවා. වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන තුරු. තාජුඩීන් ඝාතනය එක්නැලිගොඩ ලසන්ත ඝාතනය, මේවට වග කියන්න ඕනෑ අය කවුද. රටේ ජනතාව හොරා අදුනගත්තට පොලිසිය ඉබි ගමනේ. ඒ විතරක් නොවෙයි. කේ. පී. ගේ නැව් වලට මොකද වුනේ. කෝ යුධ ජයග්‍රහනය හමුවේ අත්තඩංගුවට ගත් රත්තරන් වලට මොකද වුනේ. රට අවධානයෙන් ඉන්නව. රටේ සම්පත් හොරා ගන්නා බහිරවයයි බහිරවයගේ ගෝලබාලයනුයි කවුද කියල දැනගන්න." යැයි හෙතෙම පැවැසීය.
ගල්ගමුව සංජීව රත්නායක