එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට ජාතික නිදහස් පෙරමුණ විසින් කරනු ලැබූ ඉල්ලීමට ඉඩ ලබාදිය නොහැකි බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මන්ත්රීවරුන් ස්වාධීන වීමට තීරණය කළහොත් එය ගැටලු රාශියක් පැන නැගීමට හේතුවිය හැකි බවද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. දැනට පාර්ලිමේන්තුව තුළ තිබෙනනේ පිළිගත් දේශපාලන පක්ෂ හයක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් කතානායකවරයාගේ තීරණයට විමල් වීරවංශ මහතා සිය විරෝධය ප්රකාශ කිරීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබේ.
ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරුන්ද කතානායකවරයාගේ තීරණයට විරෝධය දක්වමින් සිටියි.