රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා සහභාගීවීමට අවස්ථාව ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණය අද (27 දා) නියෝග කළේය.
කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාදුන් රිමාන්ඩ් නියෝගයට එරෙහිව විමල් වීරවංශ මහතා කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති ප්රතිශෝධන අයඳුම්පත සලකා බැලූ අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මෙම නියෝගය ලබාදුන්නේය.