එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය අවට මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණය කිරීමේ සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ඇතුළු හත් දෙනෙකුට අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් කොළඹ මහේස්ත්රාත් අධිකරණය සිතාසි නිකුත් කළේය.
කුරුඳුවත්ත පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි ලබන මස 18 වන දා අධිකරණයේ පෙනී සිටින මෙන් මහේස්ත්රාත් අධිකරණය සිතාසි නිකුත් කළේය.