ජාතික නිදහස් පෙරමුණට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට අවශ්‍යනම් කථානායකවරයාට දැනුම්දීමට ප්‍රථම සන්ධානය දැනුවත් කළේ නම් සුදුසුයැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
සන්ධානයෙන් ඉවත්වීමට අවශ්‍ය බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ සිය පක්ෂයේ ස්ථාවරත්වය දක්වමින් අද (23දා) පාර්ලිමේන්තුවේදී ඔහු මේබව කීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ලක්ෂ ගණන් ඡන්ද ගෙන පාර්ලිමේන්තුවට පැමිණ, ඉන් ඉවත්වීමට කටයුතු කරන්නේනම් ඒපිළිබඳ වහාම සන්ධානය දැනුවත් කිරීමට කටයුතු කළේනම් වඩාත්සුදුසුයැයිද අමාත්‍යවරයා කීවේය.
එයට පිළිතුරු ලෙස විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ අදාළ ලිපිය තමා ඒමොහොතේම සකස්කරන බවත්, මේසම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙසත්ය.
මහින්ද අමරවීර මහතා ඒසඳහා එකඟතාවපළ කළේය.