හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය සමග බංකොලොත් වු විමල් විරවංශ, උදය ගම්මන්පිල මහත්වරැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩීමේ විශාල සටනක් ගෙනියන බව කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පැවසීය. හැකිනම් තනිවම ඉදිරිපත්ව මහා මැතිවරණය තනිව ජයගෙන පෙන්වන ලෙස විමල් වීරවංශ මහතාට හෙතෙම අභියෝග කළේය
.“විමල් විරවංශලා කණ්ඩායම කවදාකවත් ඡන්දෙකට ඇවිල්ලා දිනන්න බැරි හින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩීමේ කූට ව්‍යාපාරයක් ගෙනියන්නේ. මම අභියෝග කරනවා කඩුවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා විදියට, පුලුවන්නම් විමල් විරවංශත් ගම්මන්පිලත් ඇවිල්ලා ඉදිරි මහා මැතිවරණවලදී තනිවම තරඟ කරලා පාර්ලිමේන්තුවට එන්න කියලා”
කඩුවෙලදී මාධ්‍ය හමුවක් පවත්වමින් හෙතෙම මේ බව පැවසීය.
සම්පත් විදානගේ