පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විදේශ ගමන් බලපත්‍ර දෙකක් තිබෙන බවත් සාමාන්‍ය පුරවැසියෙකුට තිබිය හැක්කේ එක් විදේශ ගමන් බලපත්‍රයක් බවත් ආණ්ඩුපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහතා පැවැසීය.
ඔහුගේ නමත් හයිබ්‍රිඩ් බවත්, විමල් වීරවංශ මහතාගේ ජීවිතයත් හයිබ්‍රිඩ් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය. ඔහුගේ සියලු දේ හයිබ්‍රිඩ් බවත් එහෙයින් විදේශ ගමන් බලපත්‍ර දෙකක් තිබීම අරුමයක් නොවන බවත් ඔහු සඳහන් කළේය.