පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳගේ රෝගී තත්ත්වය පිළිබඳව මේ වනවිට අධිකරණ වෛද්‍ය නිලධාරීන් පරීක්ෂාවට ලක්කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ව්‍යාජ ආකාරයට රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සකස් කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (23දා) රාත්‍රී 7.00 ට පමණය.
අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂා කිරීමෙන්පසු ඇය අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට ඇතුළත් කිරීමට නියමිතය.