හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ සතුව තිබූ විදේශ ගමන් බලපත්‍ර දෙක ව්‍යාජ බවට පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන බැවින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරක් මත මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ බවත්, විදේශ ගමන් බලපත්‍ර දෙක පිළිබඳව ආගමන විගමන පාලකවරයා ඇතුළු කිහිපදෙනෙකුගෙන්ද සාක්ෂි සටහන් කරගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
විමල් වීරවංශ මහතාගේ බිරිඳ සතුව තිබෙන එක් විදේශ ගමන් බලපත්‍රයක් රාජතාන්ත්‍රික බලපත්‍රයක් බවත්, එම බලපත්‍රය උපයෝගී කරගෙන කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව විදේශගත විය හැකි බවත් ඔහු පවසා සිටියේය.
විදේශ ගමන් බලපත්‍ර දෙකෙහි උපන් දින දෙකක් සහ හැඳුනුම්පත් අංක දෙකක් සඳහන් බවට මාධ්‍ය ප්‍රකාශකවරයා ජනවාරි 27 වැනිදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එමෙන්ම එම එක් විදේශ ගමන් බලපත්‍රයක රණසිංහ මුදියන්සේලාගේ ශෙහාසා උදයන්ති ලෙසද, අනෙක් බලපත්‍ර‘යේ රණසිංහ මුදියන්සේලාගේ ශීර්ජා උදයන්ති ලෙසද සඳහන් වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.