එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව ස්වාධීනවීමට ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා ඇති ඉල්ලීම පිළිබඳව සිය පිළිතුර හෙට (08දා) ප්රකාශයට පත්කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
අද (07දා) සවස කතානායක රැස්වීමක් පැවැත්නෙ බවත් එහිදී ජාතික නිදහස් පෙරමුණේ මන්ත්රීවරුන් සන්ධානයෙන් ස්වාධීනවිමට එහි නායක වමල් වීරවංශ මහතා ඉල්ලා ඇති ඉල්ලිම පිළිබඳව සාකච්ඡා කර තිරණයක් ගන්නා බවත් කතානායකවරයා පැවැසිය.
එම තීරණය හෙට දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.