පාර්ලිමේන්තු සැසිවාරය නොපැවැත්වෙන දිනයන්හි කෝප් කමිටුව ඇතුළු කාරක සභා පැවැත්වේනම්, ඒ සඳහා බන්ධනාගාර ගතකර ඇති මන්ත්රීවරයෙකුට සහභාගි වීමට අවස්ථාවක් නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
බන්ධනාගර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා වරප්රසාද ප්රශ්නයක් මතුකරමින් විමසූ ප්රශ්නයට පිළිතුරු ලෙස කථානායකවරයා මේ බව ප්රකාශ කළේය.
පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනයන්හි ආංශික අධීක්ෂණ කාරක සභා වෙත සහභාගි වීමට තමාට ඇති වරප්රසාදය සම්බන්ධයෙන් පියවරක් ගන්නේදැයි විමල් වීරවංශ මන්ත්රීවරයා විමසා සිටියේය.
මේ සම්බන්ධයෙන් මෙතෙක් පහසුකම් ලබානොදෙන බවත්, තවදුරටත් සාකච්ඡා කර තීන්දුවක් ප්රකාශයට පත්කරන බවත් කථානායකවරයා පාර්ලිමේන්තුවට පැවසීය.
මන්ත්රීවරුන්ගේ වරප්රසාද ලබාදීමට කටයුතු කරන ලෙස මෙහිදී බන්දුල ගුණවර්ධන මන්ත්රීවරයාද ඉල්ලීමක් කළේය.