රජයේ වාහනයක් අවභාවිත කරමින් රජයට මිලියන 10.5ක අලාභයක් කිරීමේ චෝදනා යටතේ පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත් එක්බාද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වෙන සරත් වීරවංශ සැප්තැම්බර් 07 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ සහෝදරයෙකු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සරත් වීරවංශ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මූල්‍ය අපරාධ ඒකකයට කැඳවූ අවස්ථාවේදී මෙම අත්අඩංගවට ගෙන තිබේ.